බැඳුම්කරයෙන් අගමැති රනිල් බේරෙන්න ගහන අලුත්ම ගැටය නොහොත් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට සැරසීම

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මහ බැංකු කොල්ලය ලෙස වාර්තා වන 2015-2016 මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමා නම ගලවා ගැනීම සඳහා මේ වන සිට විවිධ උත්සහයන් දරමින් සිටින බවට වාර්තාවේ.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පැහැදිලිවම මහබැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන්ව තිබූ අතර, කොල්ලයට ආධාර අනුබල දී වැඩ කටයුතු කළ මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත් වීම සහ එහි වගවීම අගමැති රනිල් වික්‍රමසිංහ භාරගත යුතු බවද සඳහන්ව තිබිණ.

නමුත් මේ වන විට බැඳුම්කර වංචාවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ නම නොගෑවී ඇති බව ඇඟවීමට විවිධ උපක්‍රමික ප්‍රහසනයන් සිදුකරමින් සිටී.

එහි එක් පිවයවරක් ලෙස බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ(05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.

සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමඟ සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපතිවරයා වෙත උපදෙස් දී ඇති අතර කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්ෂමණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහබැංකු අධිපතිවරයා දැනුම් දී ඇත.

මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන්නේ තම රෙදි තමාම අපුල්ලාගනිමින් හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ සැලසුමකටය.

Recommended For You

About the Author: RSL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *