යුද අපරාධ සිදු වූ බවට සාක්ෂියක්! හමුදාව බොරු කියූ බව කමල් ප්‍රසිද්ධියේ කියයි (Video)

266 total views, 1 views today

හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීම උදෙසා බැසිල් රාජපක්ෂ සමඟින් සිට ගෝඨාභය රාජපක්ෂට සමීප වූ නාලක ගොඩහේවාගේ තවත් එක් ව්‍යාපෘතියක් වූ ‘වියත් මඟ’මඟින් පැවැත්වූ වැඩසටහනකදී ගෝඨාභයගේ ප්‍රවර්ධකයෙකු වූ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරල්වරයෙකු වූ කමල් ගුණරත්න විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ මේ වන විට යුද වැදී රට බේරා දුන් රණවිරුවන් මහත් අවමානයකට සහ අවදානමකට පත්ව තිබේ.

ඉන් පළමු කරුණ නම් යුද්ධයේදී මරණයට පත් රණවිරුවන් සම්බන්ධයෙන් බොරු සංඛ්‍යාලේඛන ලබාදුන් බවට ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශයයි. එදා හමුදාව ජනතාවට බොරු කී බවද කමල් ගුණරත්න පාපෝච්ඡාරණය කළේය. යුද්දයේ දී මිය ගිය හමුදාවේ අය ගැන හමුදා ප්‍රකාශයක බොරු කී බවත් නිවැරදි ගණන දැන ගෙන සිටියේ මල්ශාලා හිමියන් බවත් ප්‍රකාශ කරන කමල් ගුණරත්න ‘අපි ඔබට කොපමණ බොරු කීවාදැයි’ පැවසීය. (එය මෙම වීඩියෝ පටයේ ඇත)

දෙවැන්න නම් නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවත් පවසමින් යුද්ධයේදී හමුදා කණ්ඩයක් භාරව සිටි ප්‍රධානියෙකු සිදුකළ බලපතළ අපරාධමය ප්‍රකාශයයි.

මෙම ප්‍රකාශය මඟින් යුද වැඳුණු රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මාන බලන අයවලුන්ට අවශ්‍ය ඉන්ධන සපයන ආකාරයේ බරපතළ කෲර ප්‍රකාශයකි.

Recommended For You

About the Author: RSL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *