බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය අවසන්ද..?

472 total views, 1 views today

රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්‍ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්‍ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්‍ෂි විභාග කළ බොහෝ සාක්‍ෂිකරුවන්ගෙන් අලුත් කරුණු රැසක්‌ හෙළිදරව් වූ බවයි.

මේ රටේ සිදුවූ විශාලතම මහජන මුදල් මංකොල්ලයට එනම් බැඳුම්කර මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක්‌ සෑහෙන කලක්‌ තිස්‌සේ මුළු රටම බලා සිටින බව රහසක්‌ නොවේ. මෙහි වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් ඇතුළු පොදු ජනයාගෙන් කොල්ල කාගත් ධනය නැවත ඒ අගතියට පත් ජනතාව අතට පත් කිරීමද අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. නීතියෙන් ඒ ජනතා අපේක්‍ෂා එයාකාරයෙන්ම ඉටුවේද යන්න ගැන බලවත් සැකසංකාද පවතී. මේ කොල්ල කාගත් මහජන මුදල සුළු පටු එකක්‌ නොවේ. ඒ නිසා එම මුදල් බලයෙන් කළ හැකි දේවල්ද බොහොමයකි. මීට වගකිවයුත්තන් නීතියෙන් යුක්‌තිය ඉටුවීම වැළැක්‌වීම සඳහා කළ හැකි හැම දෙයක්‌ම මීට වගකිවයුත්තන් විසින් කරනු නිසැකය. මෙය දේශපාලන අක්‌මුල් කරාද විහිද පැතිර ගොස්‌ ඇති නිසා මේ අය සතුව දේශපාලන බලයද තිබේ. මේ සම්බන්ධ පළමු කෝප් පරීක්‍ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම වැළැක්‌වීම සඳහා රටේ ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැර එය යට ගැසීමට තරම් බලයක්‌ මොවුන් සතුව තිබුණු බව අප අමතක නොකළ යුතුය. මේනිසා නීතිමය විමර්ශනයන්ටටද මේ අයට නොයෙකුත් බලපෑම් සිදු නොකළ හැකි යෑයි අපට සීතිමට පුළුවන් කමක්‌ නැත. මුලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක්‍රියා කළ ජනාධිපතිවරයාම පසුව මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්‌ පත් කිරීමටද ක්‍රියා කළේය. එහි සාක්‍ෂි විභාගය ජනමාධ්‍ය හරහා සමාජගත වූ බැවින් මේ සඳහා පුළුල් මහජන අවධානයක්‌ද යොමුවිය. කොමිෂන් සභා වාර්තාවේ කවර දේ තිබිය හැකි නමුත් ජනමාධ්‍ය හරහා සමාජගත වූ සත්‍යය කිසි විටෙක කිසිවෙකුටවත් ආපසු හැරවිය නොහැකි බව අපේ හැඟීමයි. දැන් මේ සිදුවීම ගැන පොදු මහජන මතයක්‌ ඇති වී අවසන්ය. කොමිසමේ සාක්‍ෂි විභාගය හරහා සිදුවූ වැදගත්ම දෙය එයයි.

රටම බලා සිටි ජනාධිපති බැඳුම්කර කොමිසමේ ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය පෙරේදා (17 දා) අවසන් විය. එසේ අවසන් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සාක්‍ෂි ලබා ගැනීම සඳහා කැඳවිය යුතු බවට කොමිසමට ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි විභාග කිරීමෙන් තොරව බවද අමතක නොකළ යුතුය. පසුගිය සාක්‍ෂි විභාගයන්හිදී අප දුටු දෙය නම් නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා සාක්‍ෂි විභාග කළ බොහෝ සාක්‍ෂිකරුවන්ගෙන් අලුත් කරුණු රැසක්‌ හෙළිදරව් වූ බවයි. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසමට සහාය වන රජයේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා විසින් පෙරේදා (17දා) කොමිසම හමුවේ ප්‍රකාශ කළ සෙසු සාක්‍ෂිකරුවන් (අගමැතිවරයාද ඇතුළුව) ඔවුන් නම් කරන්න ඇත්තේ නිකන්ම නොවේ. ලිවේරා මහතා ප්‍රකාශ කළ පරිදි අපට ද හැඟෙන්නේ ඔවුන්ගේ සාක්‍ෂි ප්‍රසිද්ධියේ විභාග කිරීම, මේ විමර්ශනය අසම්පූර්ණ එකක්‌ නොවීම සඳහා අත්‍යවශ්‍යම බව මහජන ශුභ සිද්ධිය වෙනුවෙන් අපට සටහන් කිරීමට සිදුවේ. කොමිසම සෑම සාක්‍ෂිකරුවකුටම එක ලෙස සලකන බවත් ඇතැම් සාක්‍ෂිකරුවන්ට විශේෂයක්‌ කොට නොසලකන බවත් ජනතා බදු මුදලෙන් යෑපෙන මේ කොමිසම විසින් ජනතාවට ක්‍රියාවෙන්ම ඔප්පු කොට පෙන්විය යුතුය. ඒ නිසා කලින් ප්‍රශ්න යවා පිළිතුරු ගෙන්වා ගැනීමේ පිළිවෙතක්‌ කවුරුන් සම්බන්ධයෙන් හෝ අනුගමනය කරන්නේ නම් එය ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගයක්‌ වන්නේ කෙසේද? ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගයේදී අසන ප්‍රශ්නත් ඒවාට යම් සාක්‍ෂකරුවකු ලබාදෙන පිළිතුරුත් මහජනතාවට දැනගන්නට ලැබේ. ජනමාධ්‍යටද එය වාර්තා කිරීමට අවස්‌ථාව ලැබේ. එහෙත් කවර බලගතු පුද්ගලයෙකුට වුවත් ප්‍රශ්න කලින් යවා පිළිතුරු ගෙන්වා ගැනීමෙන් මේ කිසිවක්‌ සිදුනොවන අතර අවසානයේ යුක්‌තිය ඉටුවීම සම්බන්ධයෙන් මහජනතාව තුළ බලවත් සැකසංකා ජනිත වීමද වැළැක්‌විය නොහැකිය. දැනටමත් එය සිදුව තිබේ. ඉදිරියටත් සිදුවීමට ඉඩ තිබේ.

මෙවැනි පසුබිමක්‌ තිබුණත් මේ කොමිසමේ සාක්‍ෂි විභාගය අවසන් වූ පෙරේදා (17 දා) කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කළේය. එහි මෙසේද සඳහන්ව තිබුණි.

‘in the event that, after today, any new material is identified and the Commissioners are of the view that, such new material must be placed before this Commission of Inquiry as formal evidence, a further hearing will be held.
Subject to that, the Commission of Inquiry has now completed the hearing of evidence, except for recording the evidence of the Hon. Prime Minister, if it is required.

In that regard, we consider it relevant to state that, the Commission of Inquiry has previously forwarded a list of questions, in the nature of interrogatories, to the Hon. Prime Minister and has requested the Hon. Prime Minister to provide his answers, by way of an affidavit. lf required, a list of further questions will be forwarded to the Hon. Prime Minister. Upon receipt of the affidavit, the Commission of Ikquiry will peruse its contents and, if necessary, inquest the Hon. Prime Minister to attend a hearing of the Commission of Inquiry to give evidence or request the Hon. Prime Minister to provide further clarification, as this Commission of Inquiry considers necessary.’

මේ අනුව පෙරේදා (17 දා) සාක්‍ෂි විභාගය අවසන් කර ඇත්තේ එදිනෙන් පසුව අලුත් කරුණු මතුවුවහොත් ඉදිරියේදී විධිමත් සාක්‍ෂි විභාග කිරීමේ අවස්‌ථාව තවදුරටත් තබා ගනිමිනි. එසේම කොමිසමේ සභාපතිවරයාම මෙහි කියන්නේ අගමැතිවරයාගේ හැර සෙසු සාක්‍ෂි විභාග කිරීම සම්පූර්ණ කර ඇති බවයි. අවශ්‍ය වුවහොත් අගමැතිවරයාද සාක්‍ෂියට කැඳවන බව මෙහි සඳහන්ය. එය තීරණය කරන්නේ කොමිසමේ කොමසාරිස්‌වරුන් විසින්මය. එහෙත් රජයේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේ සිදුකරන ලද විමර්ශනවලට අදාළව තවත් සාක්‍ෂිකරුවන් ගණනාවක්‌ සාක්‍ෂියට කැඳවිය යුතු බව කියමින් සාක්‍ෂිකරුවන් 20 දෙනකුගේ ලැයිස්‌තුවක්‌ කොමිසමට භාරදී ඇති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමද ඒ ලැයිස්‌තුවේ ඇති බව දප්පුල ද ලිවේරා මහතා කීවේය. ඔහු මේ විමර්ශනයට අත්‍යවශ්‍ය සාක්‍ෂිකරුවෙක්‌ බවද ලිවේරා මහතා කීවේය. එසේ නම් අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගයට නොකැඳවා සාක්‍ෂි විභාගය අවසන් කළේ මන්දැයි පැහැදිලි නැත. ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් අගමැතිවරයා කැඳවන බව සභාපති විනිසුරු කී බව ඇත්තය. එසේම පිළිතුරුදීමට අගමැතිවරයාට වෙනම ප්‍රශ්න මාලාවක්‌ යවන ලද්දේ ඇයි? ඔහු අගමැතිවරයා නිසාද? ඔහු අගමැතිවරයා වූවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ල වී තිබේ. ඒවා ඇත්තද නැතිද යන්න වෙනම කතාවකි. එසේම කොමිසමේ සාක්‍ෂි විභාගයේදී ද අගමැතිවරයාගේ නම බොහෝ අවස්‌ථාවලදී සඳහන් විය. වෙනත් සාක්‍ෂිකරුවන්ගෙන්ද දිවුරුම් ප්‍රකාශ මගින් කොමිසමට ලිත කරුණු පැහැදිලි කිරීම් ලබාගත්තත් ඒවා බොහෝවිට කොමිසම හමුවේ සලකුණු කළේ අදාළ සාක්‍ෂිකරුවන් කොමිසමට කැඳවා ඔවුන් සාක්‍ෂි කූඩුවේ සිටියදීය.

නීතිය ඉදිරියේදී කවුරුත් සමාන නම් අගමැතිවරයාට මෙසේ වෙනසක්‌ ඇයි? මේ දෙස බලා සිටින මහජනයා මේ ගැන සිතනු ඇත්තේ කුමක්‌ද? මේ සම්බන්ධයෙන් ජනසමාජය තුළ පැතිර යනුයේ කවර සැකසංකාද? එදිනෙදා හමුවන අයගෙන් මේ ගැන සාකච්ඡා කළහොත් නොයෙකුත් දේ ඔවුන් කියනු ඇත. ඒ නිසා අප නම් සිතන්නේ අගමැතිවරයා ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගයට කැඳවීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු බවයි. එහෙත් මලික්‌ සහ කබීර් යන ඇමැතිවරුන්ගෙන් මෙන් නොව අගමැතිවරයා පුළුල් ප්‍රශ්න කිරීමකටද ලක්‌කළ යුතු බවයි. අගමැතිවරයා පමණක්‌ නොව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට භාරදී ඇති ලැයිස්‌තුවේ සිටින තවමත් සාක්‍ෂි ලබා නොගත් අනෙක්‌ සාක්‍ෂිකරුවන්ද කොමිසම හමුවට කැඳවා ප්‍රසිද්ධියේ සාක්‍ෂි විභාග කිරීමද අත්‍යවශ්‍ය බවයි. එසේ නොකළහොත් එය බාගෙට පිළිස්‌සූ කේක්‌ ගෙඩියක්‌ යන උදාහරණය දක්‌වමින් මෙය අසම්පූර්ණ විමර්ශන කටයුත්තක්‌ වන බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් කොමිසමට කියූ අදහස මහජනයාටද පිළිගැනීමට සිදුවීම වැළැක්‌විය නොහැකිය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට මොනාක්‌ සුපිරි නිවස අලෙවි කළ අනිකා විඡේසූරිය මෙනවිය බැඳුම්කර කොමිසමට දුන් සාක්‍ෂිය මුළු රටේම අවධානයට ලක්‌වූවකි. ඇයට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට දැන් මරණ තර්ජන එල්ල වී ඇති නිසා ඇය මේ වන විට රට හැර ගොස්‌ ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පෙරේදා කොමිසමට හෙළි කළේය. එය ඊයේ දිනයේ පුවත් පත් රැසක ප්‍රධාන පුවත බවටද පත්ව තිබුණි. මේ පුවත රටතුළ ඉමහත් ආන්දොaලනයට තුඩුදී තිබේ. යහපාලනය නාමයෙන් බලයට පත්වූ වත්මන් රජය යටතේ ජනාධිපතිවරයා වශයෙන් පත්කළ ජනාධිපති කොමිසමට සාක්‍ෂි දුන් නිසා සාක්‍ෂිකාරියකට සහ ඔහුගේ පවුලේ අයට මරණ තර්ජන එල්ල වන්නේ නම් එය බරපතල තත්වයකිs. එය මේ රජයේ දැනටමත් කැළැල් වී ඇති හොඳ නමට තවත් කලු පැල්ලමක්‌ නොවන්නේද?

-ශ්‍යාම් නුවන් ගනේවත්ත-
-දිවයින-

Recommended For You

About the Author: RSL