Exclusive: සැලසුමක් මත ධම්මික පෙරේරා සිංගර් සමාගම අත්පත් කරගනී

ඇමරිකානු ජාතිකයෙකු සතු ලොව ප්‍රකට සිංගර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 58% කට ප්‍රමාණයක් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා විසින් මිලදී ගෙන ඇතැයි ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට අදාළ ගිවිසුම් ලබන සිකුරාදා (15) අත්සන් කිරීමට නියමිත අතර දැනට හේලීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඒ.ම්.පණ්ඩිත්ගේ මහතා සිංගර් සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට නියමිතව ඇත.

ඇමරිකානු ජාතික ගුඩ්මන් මහතා සතුව තිබූ සිංගර් සමාගමේ ඩොලර් මිලියන ගණනක වටිනාකමක් සතු එම සමාගමේ අතිබහුතර කොටස් ධම්මික පෙරේරා මෙලෙස මිලදී ගෙන ඇති අතර මෙය දේශපාලන සැලසුමක් මත සිදුවූ බවට අභ්‍යන්තර වාර්තා වැඩිදුරටත් කරයි.

මේ සමඟම සිංගර් සමාගම යටතේ ඇමරිකානු ජාතික ගුඩ්මන් මහතා ආයෝජනය කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන ගණනක දේපල ඔහු යළි මෙරටින් රැගෙන යාමට සැලසුම් කර ඇති අතර මෙය ඉදිරි අයවැයත්, රජය ආර්ථික වශයෙන් අස්ථාවර කිරීමත් ඉලක්ක කර සිදුකර ඇති බව වාර්තාවේ.

ධම්මික පෙරේරා මීට පෙර රාජපක්ෂ පාලන සමයේදීද මෙලෙස සිංගර් සමාගම සතු කොටස් බහුතරය මිලදී ගැනීමට සැලසුම් කළ අතර එය බැසිල් රාජපක්ෂ මැදිහත් වී ධම්මික පෙරේරාට උපදෙස් ලබාදී වළකාලන ලදී.

මෙය මේ වන විට සම්මුතිවාදී ආණ්ඩුව අස්ථාවර කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයට සමගාමීව සිදුකර ආර්ථික කුමන්ත්‍රණයේ කොටසක් බවටද වාර්තාවේ.

Recommended For You

About the Author: RSL