පොලිතින් තහනම අර්බුදයකට අතවනයි

144 total views, 1 views today

-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහු අවයවක විද්‍යා අංශයේ මහාචාර්ය සුදන්ත ලියනගේ-

ලන්ච් ෂීට්‌ ප්‍රශ්නය නිසාපවුලක මාසික වියදම රු. 2000 කට වැඩියෙන් වැඩි වෙනවා; ලන්ච් ෂීට්‌ එකේ කිසිම විසක්‌ නැහැ; පිඟන් හෝදන්න ජලය භාවිතයෙන් ජල බිල් ඉහළ යනවා

ෂොපින් බෑග් නොමිලේ ලබාදීම තහනම් කළ යුතුයි

පොලිතින් වර්ග 04 ක්‌ තහනමට රජය ගත් ක්‍රියාමාර්ගයන් සමඟ සමාජයේ ඒ පිළිබඳ විවිධ වූ කතිකාවන් නිර්මාණ වී ඇත.

පාරිභෝගිකයෝ ද නිෂ්පාදකයෝ ද අතරමැදි වෙළෙන්දොa ද පසුවන්නේ උභතෝකෝටිකය.

එම හේතුව නිසාම ශ්‍රාස්‌ත්‍රිය ප්‍රවේශයකින් යුතුව මේ පිළිබඳව කරුණු සොයා බැලීම යුක්‌ති යුක්‌ති වනු ඇති බව අධි විශ්වාසයයි.

මෙම ලිපිය එම අරමුණ වෙනුවෙනි.

ප්‍රශ්නය- පොලිමර් (ඡදකහපැර) විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ශාස්‌ත්‍රීය උගතුන් අතර ඔබ ඉදිරියෙන්ම සිටින්නෙක්‌. සැප්තැම්බර් 1 වැනිදා සිට පොලිතින් තහනම ක්‍රියාත්මක වුණා. පාරිභෝගිකයන්ගේ පාර්ශ්වයෙන් බලද්දී ඉදිරියේදී ඔවුන්ට මුහුණදීමට සිදුවන තත්ත්වයන් පිළිබඳව ඔබගේ දැක්‌ම කෙබඳුද?

පිළිතුර- දැනටමත් කෑම පාර්සලයක මිල රුපියල් දහයකින් ඉහළ දමලා. ඉදිරියේදී මෙවැනි ගැටලු ගණනාවකට පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න වෙන එක වැළැක්‌විය නොහැකියි.

නමුත් මෙහිදී පාරිභෝගිකයන්ටත් වඩා අර්බුදයට ලක්‌වන්නේ අතරමැදි වෙළෙන්දායි.

පළමු කාරණය තමයි මේ තහනමට ලක්‌වෙලා තිබෙන ලන්ච් ෂීට්‌ (කෑම දවටන), ෂොපින් බෑග් (සිලි සිලි මලු), ග්‍රොසරි බෑග් (කරි බෑග්) සහ සෘජිෙµdaම් කෑම පෙට්‌ටි යන වර්ග 4 ම විශේෂයෙන්ම ආහාරවලට කෙලින්ම සම්බන්ධ වීම.

ආහාරවලට සම්බන්ධ නොවන එහෙත් පරිසරයට මුදාහරින පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වර්ග විශාල ප්‍රමාණයක්‌ රටේ තිබෙනවා. උදාහරණයක්‌ ලෙස දත්මදින බුරුසුව පෙන්වාදෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මිලියන 25 ක්‌ වන ජනතාවගෙන් මිලියන 15 ක්‌ 20 ක්‌ දත් බුරුසු භාවිත කරන බවට උපකල්පනය කළොත් මාස 2-3 කට වරක්‌ දත් බුරුසු මිලියන ගණනක්‌ පරිසරයට එක්‌වෙනවා. එහෙත් ඒවා ගැන කතා කරන්නේ නැහැ.

ඇත්තටම මෙතනදී ප්ලාස්‌ටික්‌ තහනමක්‌ ක්‍රියාත්මක නැහැ. තෝරාගත් භාණ්‌ඩ 4 ක්‌ පමණයි තහනමට ලක්‌වෙලා තිබෙන්නේ. ඉතිරි භාණ්‌ඩවලින් කොයිතරම් ප්‍රමාණයකින් පරිසරය දූෂණය වීම සිදුවෙනවාද?

මොනයම් හෝ හේතුවකට රජයේ නිලධාරීන් තෝරාගෙන තිබෙන්නේ සෘජු ලෙසම ආහාර හා සම්බන්ධ වන මාර්ග 4 ක්‌. ආහාර ද්‍රව්‍ය සමග සම්බන්ධවීමේදී ඒවායේ පිරිසිදු බව සහ විෂ රහිත බව උපරිමයෙන් තිබිය යුතුයි. එලෙස විෂ රහිත බව සහ පිරිසිදුකම උපරිමයෙන් තිබෙන දෙයක්‌ තමයි “ලන්ච් ෂීට්‌” සහ “සෘජි ෙµdaම් කෑම පෙට්‌ටි”, එම දෙකේම විෂ රහිතයි.

ප්‍රශ්නය- එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ ප්‍රතිචක්‍රීයකරණයට ලක්‌කරන ලද ප්ලාස්‌ටික්‌ හා පොලිතින්, ආහාර දවටන සඳහා යොදා ගැනීමෙන් විෂ රසායන ශරීරගත වීමේ අවදානමක්‌ පවතින බවයි?

පිළිතුර- ඔය විදිහට ගත්තොත් වතුරත් විෂ වෙන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රමාණයක්‌ පරිභෝජනය කළොත්, ලෝකයේ කිසිම දෙයක්‌ නැහැ විෂ ඇත්තෙම නැතෙයි කියා. විෂ සහිත හෝ රහිත බව තීරණය වන්නේ පරිභෝජනය කරන ප්‍රමාණය අනුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව අගයක්‌ ලබාදෙනවා. ඒ කොහොම වෙතත් “ලන්ච් ෂීට්‌” වැනි දේවල්වලින් මිනිසෙකුට වෙන්න පුළුවන් හානිය අවමයි කොටින්ම කියනවා නම් බිංඳුවයි.

අනෙක්‌ අතට නියමයක්‌ තිබෙනවා ආහාර එතීම සඳහා භාවිතයට ගන්න ද්‍රව්‍ය නිෂ්පාදනයේදී නැවුම් වර්ගයේ ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය (වර්ජින් මැටීරියල්) යොදාගත යුතුයි කියා.

නැවුම් (වර්ජින්) වර්ගයේ නිෂ්පාදනයක්‌ නම් එහි පාරදෘෂ්‍ය භාවයක්‌ දැකිය හැකියි. “ලන්ච් ෂීට්‌” එක 100% ක්‌ම නැවුම් (වර්ජින්) ඒ අනුව ගත්විට එය සුවිශේෂ නිර්මාණයක්‌.

නැවුම් (වර්ජින්) වර්ගයේ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන මෙන්ම රීසයිකල් වර්ගයේ නිෂ්පාදනත් තිබෙනවා. (ප්‍රතිචක්‍රීකරණය කරන ලද නිෂ්පාදන) ගාබේජ් බෑග් එක කසළ මලු) ගත්තොත් එය ප්‍රතිචක්‍රීකරණය කරනලද නිෂ්පාදනයක්‌ නමුත් “ලන්ච් ෂීට්‌” නිපදවන්නේ ප්‍රතිචක්‍රීකරණයට ලක්‌ කිරීමෙන් නොවේ.

ඕනෑම ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ නිෂ්පාදනයේදී එය නඟා සිටුවීම සඳහා එයට පූරකයන් (µsලර්) යොදා ගැනීම සදුකරනවා. “ලන්ච් ෂීට්‌” සහ “ෂොපින් බෑග්” වල එම පූරකය ලෙස භාවිත කරන්නේ කැල්සියම් කාබනේට්‌. මෙන්න මේ නිසා ජනතාවට වැරදි අර්ථකථනයක්‌ දෙනවා කැල්සියම් කාබනේට්‌ විෂයි කියලා කැල්සියම් කාබනේට්‌ කිසිම විෂක්‌ ඇති ද්‍රව්‍යයක්‌ නොවේ.

හැබැයි අපේ ඇතැම් නිෂ්පාදකයෝ කරන වැරැද්දකුත් තිබෙනවා. ඒ තමයි 2013 වර්ෂයේ හඳුන්වාදුන් මයික්‍රොන 20 සීමාව පවත්වාගෙන යාම සඳහා ඇතැම් වෙළෙඳුන් ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය අඩුකරලා කැල්සියම් කාබනේට්‌ වැඩිකරනවා. නිසි අධීක්‍ෂණයක්‌ සිදුකෙරෙනවා නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ. මේක අපේ රටේ නීතියේ තිබෙන ප්‍රශ්නයක්‌. මේ සම්බන්ධ වැටලීම් සිදුකළ යුතුයි. නමුත් ඒවා සිදුවන්නේ නැහැ. මිනිස්‌සුන්ට නිවැරදි උපදෙස්‌ ලබාදීම සිදුවන්නේත් නැහැ. මෙන්න මේ නිසා ඇතැම් වෙළෙඳුන් වැඩිපුර කැල්සියම් කාබනේට්‌ යොදනවා. එහෙත් එය විෂ වන්නේ නැහැ.

ප්‍රශ්නය- රජය මෙම තීන්දුවලට පැමිණීමට පෙර මේ පිළිබඳව සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක්‌ පත් කළා. මා දන්නා තරමින් එහි සාමාජිකයන් 13 දෙනකු පමණ සිsටියා. ඔබ වැනි ක්‍ෂේත්‍රයේ විද්වතුන්ට ඊට සහභාගි වීමට ඇරියුමක්‌ ලැබුණේ නැද්ද?

පිළිතුර- මට නම් ආරාධනයක්‌ ලැබුණේ නැහැ. මෙම විද්වත් කමිටුවේ විද්‍යාඥයින් දෙතුන් දෙනකු ඉන්න ඇති. නමුත් “පොලිමර්” විද්‍යාව හදාරපු අය සිටියද කියන එක ප්‍රශ්නයක්‌. පොලිමර් විද්‍යාව හදාරපු අය ඒ තුළ නොසිටියා කියන එක තමයි මගේ විශ්වාසය.

යම් කණ්‌ඩායමක්‌ තුළ එක්‌කෙනකු දෙදෙනකුගේ ප්‍රතිවිරෝධතාවක්‌ මතු වුවත් කණ්‌ඩායමේ අනෙක්‌ අයගේ අවශ්‍යතාවය වූයේ මෙම තහනමනම් එය ඉටුවීමට වළක්‌වන්න බැහැ.

මාර්ටින් ලූතර් කිං කිව්වා වගේ ගැටලු ඇතිවන්නේ විද්වත් මිනිසුන්ගේ නිහඬතාවය නිසයි. එවැනි තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා. සමහරවිට විද්වතුන් ඔය කමිටුවේ හිටියත් ඒ අය නිහඬව ඉන්න ඇති.

ප්‍රශ්නය- මේ සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය අධ්‍යයනයක්‌ සිදුවන්නේ ලංකාවේ මොන ආයතනවලද?

පිළිතුර- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බහු අවයවික විද්‍යාව (පොලිමර්) උපාධියක්‌ විදිහට උගන්වන එකම විශ්වවිද්‍යාලයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ බහු අවයවික (පොලිමර්) ඉංජිනේරු විද්‍යාව උගන්වනවා. එහිදී කෙරෙන්නේ තාක්‍ෂණය ගැන අධ්‍යයනයයි. මෙය කොටස්‌ 2 ක්‌ මෙම විෂය පිළිබඳ ප්‍රායෝගික තීන්දු තීරණ ගැනීමේදී මෙම විශ්වවිද්‍යාල දෙකෙහි ශාස්‌ත්‍රඥයන්ගේ සහභාගීත්වයක්‌ තිබුණොත් තමයි කරන වැඩේ ඵලදායී වෙන්නේ.

අද ලෝකයේ මෙතරම් විද්‍යාව දියුණුවී තිබියදී පරිසර අධිකාරිය විද්‍යාඥයන් නොවීම නිසා තීන්දු තීරණ අරගෙන තිබෙනවා. ක්‍ෂේත්‍රයට සෘජුව සම්බන්ධකම් නොමැති කවුරුහරි පුද්ගලයෙක්‌ හෝ කීප දෙනෙක්‌ දුරදිග නොබලා ගන්න තීන්දු තීරණ තමයි රටේ ක්‍රියාත්මක වන්නේ.

ප්‍රශ්නය- ඔබ පෙන්වාදෙන ආකාරයට මෙම තහනම නිසා ඉදිරියේදී බරපතළ තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩ තිබෙනවා.

පිළිතුර- මේ පිළිබඳව නැවත කතිකාවක්‌ අරඹන්න කියා මධ්‍යම පරිසර අධිකාරියේ ඇතැම් නිලධාරී මහතුන් දැනුවත්කර තිබෙනවා. එහෙම නොවුණොත් ඔබ තව මාසයක්‌ ඉඳලා බලන්න මේ රටේ පොලිතින් වෙළෙඳුන්ට මොකද වෙන්නේ කියා. අතරමැදි කුඩා වෙළෙඳුන්ට සම්පූර්ණයෙන්ම මෙම වෙළෙ¹ම කරගෙන යන්න බැරිවෙනවා.

ඉඳිආප්ප, පිට්‌ටු, බත්, මාළු, මස්‌ මෙන්ම පලතුරු වෙළෙ¹මත් තෙල් බෙහෙත් බඳින වෙද මහත්තයාත් මේ සඳහා විකල්ප සෙවීමේ අර්බුදයට මැදිවෙනවා. මෙරට පොලිතින් නිෂ්පාදකයෝ සහ සේවකයෝ ලක්‍ෂ 3 ක්‌ පමණ මහ පාරට වැටෙන එක වළක්‌වන්න බැරිවෙනවා. මීට විසඳුමක්‌ ලෙස ඇතැම් අවස්‌ථාවලදී කාඩ්බෝඩ් යොදා ගැනීමේ හැකියාව ඇති බව පැවසුවත් එය සෙලියුලොස්‌ (Ceකකමකදිe) නිසා ශාකමය අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. මේසා විශාල ඉල්ලුමක්‌ සපුරන්න නම් විශාල වශයෙන් ගස්‌ කපන්න වේවි. එමනිසා එය විසඳුමක්‌ ලෙස දකින්න බැහැ.

ප්‍රශ්නය- එතකොට මෙම පොලිතින් භාවිතයේ ඇති ගැටලුව අපි විග්‍රහකරගත යුත්තේ කවර ආකාරයටද?

පිළිතුර- මම හිතන්නේ මේක දිහා මීට වඩා වෙනස්‌ විදිහට බැලිය යුතු වෙනවා. මෙම ප්‍රශ්නය තිබෙන්නේ අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා පොලිතින් භාවිතා කිරීම නිසයි.

සුපිරි වෙළෙඳ සලකට ගිහින් බලන්න මොනතරම් ෂොපින් බෑග් තොගයක්‌ ලැබෙනවද කියලා. සුපිරි වෙළෙඳ සල්වල මෙන්ම වෙළෙඳුන් නොමිලේ ෂොපින් බෑග් දීම තහනම් කළ යුතුයි. මේ රටේ මැතිවරණවලට ඇතුළු විවිධ නීති සැරෙන් සැරේ ගේන්න පුළුවන්නම් මේ ෂොපින් බෑග් එක නොමිලේ විකුණන එක නවත්වන්න නීතියක්‌ ගේන්න බැරිද?

ප්‍රශ්නය- නමුත් එහිදී සිදුවන්නේ පාරිභෝගිකයාට අසාධාරණයක්‌ නේද? එහෙම වුණොත් පාරිභෝගිකයාට අමතර වියදමක්‌ දරන්න වෙනවා නේද?

පිළිතුර- පළමු කාරණය අනවශ්‍ය භාවිතය අවම කිරීම. දෙවැනි කාරණය තමයි නැවත නැවත භාවිතයට ගැනීම (Reමිe) සිදුකළ යුතුයි.

මගේ ස්‌ථාවරය නම් සෑම සුපිරි වෙළෙඳ සැලකම බහාලුමක්‌ තිබිය යුතුයි. අප භාවිතා කරනලද පොලිතින් පිරිසිදු මට්‌ටමෙන් ගෙනත් දැමීම සඳහා ඒ හරහා ජාලයක්‌ නිර්මාණයක්‌ කළ යුතුයි. ප්‍රතිචක්‍රීයකරණය කොට නැවත භාවිතයට ගැනීම සඳහා.

බලන්න අපි ගෙදරක කොයිතරම් කුණු ගොඩගහගෙන ඉන්නවද කියලා. අපේ කුණු දාන බෑග් එක ඇතුලෙත් පිරිලා තිබෙන්නේ පොලිතීන්. ඒ තරමට අපි අනවශ්‍ය විදිහට පොලිතින් පරිහරණය කරනවා. ඒ නිසා මේක නතර කළ යුතුයි. කුණු බෑගයේ තිබිය යුත්තේ දිරාපත්වන කසළ පමණයි. එවිට නගර සභාවෙන් දිරාපත්වන කසළ ටික අරගෙන බෑගය නැවත ලබාදීම සිදුකළ යුතුයි.

පරිසරය රැක ගන්නනම් පොලිතින් කළමනාකරණය සිදුකරන්නේ කෙලෙසද කියා. දැනට පොලිතින් මෙටි්‍රක්‌ ටොන් 10,000 ක්‌ පමණ ගෙන්වනවා. මෙය මෙටි්‍රක්‌ ටොන් 2000-3000 දක්‌වා අඩුකරගත යුතුයි.

ප්‍රශ්නය- මේවා ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙනවා නේද?

පිළිතුර- දැනට ප්‍රතිචක්‍රීකරණය වන්නේ මෙටි්‍රක්‌ ටොන් 500 ක්‌ වැනි ප්‍රමාණයක්‌. ඊට හේතුව වෙළෙඳ පොළේ “නැවුම්” භාණ්‌ඩ මිල අඩුවීමයි. ප්‍රතිචක්‍රීකරණ ලද භාණ්‌ඩවලට වඩා නැවුම් භාණ්‌ඩවල මිල අඩුයි. මෙයට විසඳුමක්‌ ලෙස පසුගිය රජය නැවුම් භාණ්‌ඩ මත සෙස්‌ බද්දක්‌ අය කළා. ඉන් මිලියන 4 ක්‌ පමණ ආදායමක්‌ ලැබුවා. ඉන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට මුදල් සොයාගනු ලැබුවා.

ප්‍රශ්නය- පරිසර අධිකාරිය කියනවා මෙම ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් සම්බන්ධ ක්‍රියාවලියේ දිගුකාලීන ක්‍රියාදාමයක්‌ ලෙස ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ගමන් කරන බව.

පිළිතුර- පරිසර අධිකාරිය නොවේ මෙම තීරණ ගන්නේ මහා භාණ්‌ඩාගාරය හා මුදල් අමාත්‍යාංශයයි.

දැන් තහනම් කරලා තිබෙන ලන්ච් ෂීට්‌ එකයි, ෂොපින් බෑග් එකයි, ලන්ච් බොක්‌ස්‌ එකයි යන මේ වර්ග තුනම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඒවා. එතකොට මේ තහනම් කරලා තිබෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි භාණ්‌ඩයි. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ 1000-2000 ක්‌ විතර වෙළෙඳ පොළේ තිබෙනවා. ඒවාට තහනමක්‌ නැහැ. එම නිසා මෙයට වහා කළමනාකරණයක්‌ අවශ්‍යමයි.

ප්‍රශ්නය- දිරාපත්වන ආකාරයේ පොලිතින් නිෂ්පාදනය ගැනත් කතා බහ පවතිනවා.

පිළිතුර- දිරාපත්වන පොලිතින් නිෂ්පාදනය ගැන ලෝකයේ මත කීපයක්‌ තිබෙනවා. එසේ දිරාපත්වීම සඳහා එක්‌කරන්නේ තවත් රසායනික ද්‍රව්‍යයක්‌. හැබැයි ඒකෙන් මීට වඩා පරිසර ගැටලු පැන නඟින එක අනිවාර්යයි.

දැන්නම් අඩු තරමේ ජනතාවගෙන් 10%-5% ත් තරම්වත් පොලිතින් විසිකරන එක හොඳ නෑ කියලා හිතලා ඉන් වැළකී ඉන්නවනේ. දිරාපත්වන බව කියන පොලිතින් හඳුන්වා දුන් පසු සියලු දෙනාම සැකයකින් තොරව ඒවා පරිසරයට මුදා හරිනවා. ඔය දිරනවයි කියන වර්ගයේ සැබෑ ලෙස දිරාපත්වීමට විශාල කාලයක්‌ ගතවෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ පරිසරය තව තවත් අපවිත්‍ර වීමයි. දූෂණය වීමයි.

කොම්පොබයෝඩිගේ්‍රඩබල් හෝ ඔක්‌සොබයෝඩිගේ්‍රඩබල් කියන දිරාපත්වන පොලිතින් නිෂ්පාදනය කරන ක්‍රමවේද දෙකම නිර්දේශ කරන්න පුළුවන් කමක්‌ නැහැ.

මට පේන්නේ මේවා එක එක මුදලාලිලාගේ වැඩ. මෙම දිරාපත්වන පොලිතින් නිෂ්පාදනයට යොදන රසායන නිසා මිනිසාට හොයාගන්න බැරි ලෙස රෝග හැදේවි. වකුගඩු රෝගයට අදටත් හේතු හොයාගන්න බැරුව ඉන්නවා. අනාගත පරම්පරා දෙකක්‌ තුනක්‌ යනවිට හැදෙන ලෙඩ වලට හේතු හොයාගන්න බැරිවෙයි. මේවා ක්‍රියාත්මක කළොත් ඒ නිසා මේ දිරාපත්වන පොලිතින් කියන සංකල්පයවත් රටට නොගෙනිය යුතුයි.

අනෙක්‌ දෙය තමයි පරිසරයට ප්ලාස්‌ටික්‌ මුදාහරින්නන් සඳහා දඩයක්‌ පැනවිය යුතුයි. අඩුම තරමේ කුණු බෑග්වත් ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය නොදැමීමට කටයුතු කරන ලෙස වාතාවරණය සකස්‌ කළ යුතුයි. ඩෙංගුවලට දඩ ගහන විට ඊට යම් පිළියමක්‌ ලැබුණනේ. පොලිතින්වලටද යම් පිළියමක්‌ එවැනි ක්‍රියාමාර්ග මගින් ලබාගත හැකියි.

තවත් කාරණයක්‌ නම් පොලිතින් ද්‍රව්‍ය විකිණු පසූ එය පාරිභෝගිකයාට භාවිතා කිරීමෙන් අනතුරුව විකිණූ අය විසින් එය නැවත ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ අවශ්‍යයි.

ලන්ච් ෂීට්‌ ප්‍රතිචක්‍රීකරණය හෝ ඒවා විදුලිය නිපදවීම සඳහා යොදා ගැනීම ආදිය මෙන්ම අද ලෝකයේ ප්‍රවණතාවක්‌ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය (ඛ්බා Fසකකසබට) (බිම පිරවීමට) යොදා ගැනීම සිදුකළ යුතුයි. යම් භූමි භාගයක්‌ ගොඩ කිරීමේදී පස්‌ සහ වැලි වෙනුවට පොලිතින් ඝනක භාවිත කිරීම ලෝකයේ බොහෝ රටවල සිදුකරන්නක්‌ ඔස්‌ටේ්‍රලියාවේ මෙය බහුලව භාවිතා කරනවා. පොලිතින් අපද්‍රව්‍ය මගින් තමයි මෙම පොලිතින් කුට්‌ටි නිෂ්පාදනය කරන්නේ.

ප්‍රශ්නය- රජය තහනම පිළිබඳ ස්‌ථාවරයේ තදින් ඉන්නවා.

පිළිතුර- තව ටික දවසකින් ගැටලු පිට ගැටලු එනකොට ඔය ස්‌ථාවරය බිඳ වැටෙයි. නීති නිර්මාණය කිරීමේදී මීට වඩා සොයා බැලිය යුතුයි. දැන් බලන්න 2014 එළවළු පෙට්‌ටිය නිෂ්පාදනයට ප්ලාස්‌ටික්‌ යොදාගන්න කටයුතු කළා. සති 2 යි තිබුණේ. ඇස්‌බැස්‌ටොස්‌ තහනමට මොකද වුණේ. ඇස්‌බැස්‌ටොස්‌ නිසා පිළිකා හැදුනා කියලා ලංකාවේ කොහොමත් අනාවරණය වෙන්නේ නැහැ. ඊළඟට බලන්න ග්ලයිෙසේට්‌ තහනම අර්බුදයක්‌ බවට පත්වුණා. මේනිසා තේ කර්මාන්තය කඩා වැටිලා.

මෙවැනි තීන්දු ගැනීමට පෙර ඒ සඳහා පර්යේෂණ සිදුකිරීම අත්‍යවශ්‍යයි. සංගණනවලින් විද්‍යාත්මක හෙළිදරව්වකට යන්න බැහැ.

රටේ හැම පැත්තකම අර්බුද බිහි කර ගන්නද රජයට ඕනවෙලා තියෙන්නේ.

ප්‍රශ්නය- ජනතාව තුළ බියක්‌ තිබෙනවා පොලිතින් වර්ග විවෘත පරිසරයේ දහනය කිරීම පිළිකා ඇති වීමට හේතු වන්නත් බවට. මෙම බිය සාධාරණද?

පිළිතුර- සමහර පොලිතින්වලින් එතරම් විෂ රසායන ද්‍රව්‍ය පරිසරයට එකතුවන්නේ නැහැ. නමුත් ජල නළ වැනි දේ පිළිස්‌සීමේදී සයනයිට්‌ වැනි රසායන ඇතිවීමේ ඉඩක්‌ තිබෙනවා. හැම ප්ලාස්‌ටික්‌ වර්ගයකින්ම එලෙස විෂ රසායන එකතු වන්නේ නැති නිසා සියලු ප්ලාස්‌ටික්‌ වර්ග එකට දමා ගිනි තැබීම නොකළ යුතුයි.

ප්‍රශ්නය- ෂොපින් බෑග් සම්බන්ධයෙන් තත්ත්වය කෙබඳුද?

පිළිතුර- ෂොපින් බෑග් පිළිස්‌සීම සම්බන්ධයෙන් ගැටලුවක්‌ නැහැ. ඒවා බොරු මත. පොලිතින් පිළිස්‌සීම නිසා ලෝකයේ කාට හෝ රෝගයක්‌ හැදිලා තිබෙනවාය කියා මා දන්නා තරමින් නැහැ. නමුත් ඕනෑම දෙයක්‌ එක්‌ එක්‌ පුද්ගලයාගේ ස්‌වභාවය අනුව වෙනස්‌ වන තත්ත්වයක්‌ තිබෙනවා. එය පුද්ගල බද්ධ කාරණයක්‌.

-දිවයින-

Recommended For You

About the Author: RSL