සරාගී Cowl-detail විලාසිතා උමතුවට ඔබත් සූදානම් ද ?

Spread the love

තවත් සති කිහිපයකින් උදාවිමට නියමිත 2021 වසර මේ වසර මෙන් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනය බව නිසැකය. ඒ නිසා වසංගතය සමග ගෙවී ගිය මේ වසරේ අතපසු වූ බොහෝ දේ ලබන වසරේදී කිරීමට හැකිවනු ඇතැයි අපි මහත් බලාපොරොත්තුවෙන් සිටිමු.

විලාසිතා ලෝකයට මේ වසර කිසිසේත් යහපත් වසරක් නොවීය. එහෙත් ඔබ මේ වසංගත සමයේ වුව ද ඉදිරි නත්තල් උත්සවය සදහා මෙන්ම නව වසර පිළිගැනීම සදහා ද සූදානම් විය යුතුය. ඒ අතර සෞඛ්‍ය නීති යටතේ පැවැත්වෙන සීමිත ප්‍රිය සම්භාෂණ, උත්සව සහ විශේෂ අවස්ථා ද අමතක නොකළ යුතුය.

ඔබට මේ සියල්ල සදහා ගැළපෙන සුන්දර විලාසිතාවන් කිහිපයක් හදුන්වා දීමට අපි මෙහිදී සූදානම් වෙමු. ඉන්දීය සුරූපිනියන් හැඩකළ මේ සුන්දර විලාසිතා ශ්‍රී ලාංකික සුරූපිනියන් සදහා ද ඉතාමත් අපූරු බව අපගේ විශ්වාසයයි.

90 දශකයේ ඉන්දියාවේ බොලිවුඩ් නිළියන් සහ සුරූපිනියන් හැඩකළ විලාසිතා රැසක් අදත් ඒ උණුසුම රදවා ගනිමින් විලාසිතා ලෝකයේ ඉහළින්ම සිටී. ඒ අතර සුප්‍රකට The Cowl Detail විලාසිතාව ඉදිරියෙන්ම සිටී.

ඕනෑම උත්සව සහ සම්භාෂණ අවස්ථාවක් සදහා මෙන්ම උණුසුම්, ප්‍රේමනීය අවස්ථාවක් සදහා සුදුසු මෙම විලාසිතාව ඔබට ලස්සන හැඩයක් මෙන් සරාගී බවක් ලබා දෙයි. 

කරීනා කපුර් ඛාන්, කයිලි ජෙනර් වැනි සුපිරි බොලිවුඩ් තරු සේම ඉන්දිය සුරූපිනියන් The Cowl Detail විලාසිතාව බොහෝ විට භාවිතා කරනු දැකිය හැකිය.

චැන්ඩ්ලියර් chandelier කරාබු සහ අඩි උස පාවහන් Cowl Detail විලාසිතාව සමග එක් වූ විට ඔබ විස්මයට පත්වන සුන්දරත්වයක් එක්කරන බව ඔබට වැටහෙනු ඇත.

ඉතිං, තවත් බලා සිටින්නේ කුමට ද ? බලන්න මේ සුන්දර විලාසිතාව ඔබට කොතරම් අනුකරණය කළ හැකිද කියා !

කරීනා කපූර් ඛාන්

සුපිරි බොලිවුඩ් නිළියක සහ විලාසිතා නිරූපණ ශිල්පිනියක වන කරීනා කපූර් ඛාන්  Cowl Detail විලාසිතාවෙන් සැරසී සිටින විට අති සුන්දර වන අතර සරාගී බවින් ද කිසිදු අඩුවක් නැත. මෙහිදී වඩාත් මෘදු පෙනුමක් ලබා ගැනීම සදහා sleek hairstyle අතපසු නොකරන්න.

කයිලි ජෙනර්

cowl-detail විලාසිතාවකින් සැරසී සිටින කයිලි ජෙනර්ගේ පෙනුම විස්මිතය. මෙතරම් සරාගී බවක් ඔබව පමණක් නොව ඔබ අවට සිටින සියලු දෙනාම උණුසුම් කරන බව නිසැකය.

අනන්යා පාණ්ඩේ

cowl-detail විලාසිතා අතර උණුසුම් ම වර්ණය වන රතු වර්ණය තෝරා ගැනීමට සංවේදී අනන්යා පාණ්ඩේගේ සමත් වී ඇත. ඔබට ඇය දෙස මොහොතකට වඩා බලා සිටිය හැකිද ?

 ඩුවා ලිපා

cowl-detail විලාසිතාවෙන් සැරසී සිටින Dua Lipa රාත්‍රිය තවත් සුන්දර සහ උණුසුම් කර ඇති බව නිසැකය.

බ්‍රිටනි සේවියර්

බ්‍රිටනි සේවියර් cowl-detail විලාසිතාවේ තවත් මානයක් සොයා ගෙන ඇත. මෙවැනි විලාසිතාවක් කරන්නේ කුමන අවස්ථාවකට ද යන්න ඔබම නිගමනය කරන්න.

මිරා කපූර්

මීරා කපූර්ගේ මේ සුන්දරත්වය පැමිණියේ කෙසේ දැයි ඔබට දැන් වැටහෙනවා නේද ?

ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts