ලංකාවේ IQ තරම ලොවට හෙළි කරමින් ජාත්‍යන්තර IQ වාර්තාව නිකුත් වෙයි

Spread the love

2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී.

රට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් විසින් හෝ ප්‍රපාතයට තල්ලු කිරීම නිසා සිදුවූවක් නොව, රටේ නායකයින් හා බුද්ධිමතුන්ද ඇතුළුව රටේ ජනතාව සිය කැමැත්තෙන් උදාකරගත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ලංකාව කටපාඩමෙන් අධ්‍යාපනය ලබාදෙන මෝඩ ජාතියකි. පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වාම ඉගැන්වීම් කෙරෙන්නේ කටපාඩමෙනි. ගණිතයට තිබුණ ජාතික අසමත්භාවය ජය ගත්තේ සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍ය සමාර්ථයක් සඳහා ලබාදෙන ලකුණු සංඛ්‍යාව උපරිම මට්ටමකට පහළ දැමීමෙනි. සමහර වසරවල සාමාන්‍ය සමාර්ථයක් සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 14 දක්වා පහත දමා තිබේ.

මිනිස් දරුවකුට කුඩා කාලයේ සිටම උසස් තත්ත්වයේ ඥානන හැකියාවක් පවතී. සතියක් වයස දරුවකුට පවා සිය මවගේ කිරිවල සුවඳත් අන් මවකගේ කිරිවල සුවඳත් අතර වෙනස හඳුනාගත හැකිය. ළමුන් සමූහ ක්‍රියාකාරීත්වයෙන්, ගවේෂණයෙන් හා ප්‍රශ්න කිරීමෙන් ඉවත් කොට සියලු දේ කටපාඩමෙන් ඉගෙන ගතයුතු කෙනෙකු බවට පත් කළ විට සිදුවන්නේ ළමයා විචාර බුද්ධිය අහිමි කළ ඔලමොට්ටලයකුගේ තත්ත්වයට පත්වීමය. දැන් එය (ඔලමොට්ටලකම) මුළු ජාතියම වසා ගත් මහ පිළිකාවක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය.

IQ දර්ශකය

2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ ෂු මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. පසුගිය දශක හතරක් තරම් කාලය තුළ ලංකාවේ ඇතිවී තිබෙන බුද්ධිමය පරිහානියේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය. කටපාඩම මත පදනම් වූ මෝඩ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ පවත්වා ගැනීමට ඉඩහැරීම මගින් අධ්‍යාපන බලධාරීන් හා රටේ පාලකයින් රටට කර තිබෙන විනාශයේ තරම ඒ අනුව සිතා ගත හැකිය. ඒ තත්ත්වයට බුද්ධිමතුන් සේ ම ජනමාධ්‍යවේදීන්ද වගකිව යුතුය.

කටපාඩම මත පදනම් වී පවත්වාගෙන යන අධ්‍යපන ක්‍රමය ගැන රටේ කිසිම සංවාදයක් ඇත්තේම නැති තරම්ය. මෙම විනාශකාරී මෝඩ ක්‍රමය ගුරුවරුන්ගේ හෝ ගුරු වෘත්තිය සමිතිවලද විරෝධයට හේතුවී නැත. වඩාත්ම හාස්‍යජනක දේ වනුයේ මේ මෝඩ ක්‍රමය විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් බලවත් විරෝධයකට හසුවීමෙන් තොරව නිසසලව ගලා යන තත්ත්වයක් පැවතීමය.

විචාර බුද්ධිය අහිමිකර ගැනීම

විචාර බුද්ධිය අහිමි කරගත් සමාජයකට භුක්ති විඳිය හැකි විශේෂ ජොලියක් තිබේ නම් ලංකාව ඒ ජොලිය උපරිම ලෙස භුක්ති විඳින රටක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ආර්ථිකය තිබුණේද තිබෙන්නේද අතිවිශාල අර්බුදයකය. රටේ ණය අර්බුදය තිබුණේද, තිබෙන්නේද වැඩි කල් නොගොස් ලංකාව මුළුමනින් බංකොළොත් තත්ත්වයට පත්කිරීමට නියමිත තත්ත්වයකය. ඒ සියල්ලට අතිරේකව දැන් රටේ කොරෝනා වසංගත තත්ත්වය තිබෙන්නේ මුළුමනින් පාලනයෙන් ගිලිහුණ අවුල්සහගත තත්ත්වයකය.

ලංකාව තිබෙන්නේ අර්බුදයේ කරවටක් ගිලුණු බිහිසුණු තත්ත්වයක වුවද ලංකාවේ පාලක පක්ෂයට, විරුද්ධ පක්ෂයට, බුද්ධිමතුන්ට හෝ සමාජයට ඒ ගැන මොනම අවබෝධයක්වත් ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ ගැන වන කිසිම සංවාදයක් කොතැනක හෝ තිබෙන බවක්ද පෙනෙන්නේ නැත. රටේ බුද්ධිමතුන් ඇද වැටී තිබෙන තැන ඛේදජනකය.

ජනමාධ්‍යවල හැසිරීමද හාස්‍යජනකය. ඔවුන් තමන්ගේ මුද්‍රාව සලකුණු කරගැනීම සඳහා ඕපාදූප කඳු තරගෙට සමාජ ගතකරමින් සිටිනවා විනා ඇතිවී තිබෙන විපත ගැන හෝ එය ජයගැනීම හෝ හානි අවම කරගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න ඵලදායි සංවාදයක් ආරම්භ කොට පවත්වාගෙන යන වේදිකාවක් ලෙස ක්‍රියා කිරීමට සමත් වී නැත.

රටේ පාලන කටයුතුද රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මකවීමද අන් සියලු දේවල්ද සිදුවෙමින් තිබෙන්නේ රටේ මුල්බැස තිබෙන මුග්ධ තත්ත්වය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයටය.

රාවය 2020 නොවැම්බර් 07 – උපුටා ගැනීමකි

RSL

Related Posts