බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම තව දෙසතියකින්

Spread the love

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා අද (18) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක් මේ වන විට පවතින බව කී අමාත්‍යවරයා පාසල් ආරම්භ කළ හැකි දිනයන්, ආරම්භ කරන ආකාරය, අනුගමනය කළ යුතු කරුණු ආදිය ඇතුළත්ව මෙම සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අනිද්දා (20) පැවැත්වෙන බව ද සදහන් කළේය.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අංශ බලධාරීන්, අමාත්‍යාංශ ලේකම්, කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා සාමාජිකයින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය.

පෙබරවාරි මාසයේ දෙවන සතියේ සිට මෙරට ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ද ඇරඹෙන බැවින් සියලු බලධාරීන්ගේ නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බස්නාහිර පළාත් සිසුන් වෙනුවෙන් පමණක් ලබන 25 වැනිදා පාසල් ඇරඹෙන බව ද ඇමැතිවරයා සදහන් කළේය

RSL

Related Posts