කොරෝනා අති අවධානමක් ඇති දිස්ත‍්‍රික්ක 05 වහාම වසා දමන්න – GMOA

Spread the love

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.

අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බවත් සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

RSL

Related Posts