ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන ‘ලලිත් වීරතුංග’ කළ හෙළිදරව්ව !

Spread the love

Covid-19 වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා‘ එන්නත AstraZeneca’s COVISHIELD vaccine මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනය කරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පැවසීය.

වීරතුංග මහතා මේ බව හෙළි කළේ අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඉන්දියාව විසින් ප්‍රදානය කරන ලද එන්නත් මාත්‍රා ලක්ෂ පහක් හෙට (28) උදෑසන ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති අතර එදිනම කොරෝනා රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් වීරතුංග මහතා කීවේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලලිත් වීරතුංග මහතා කියා සිටියේ එන්නත් මිලියන තුන ලබා ගැනීම සදහා ඉදිරි දින දෙක තුළ ඉන්දියාවේ සේරම් ආයතනයට ඇනවුම් ලබා දෙන බවයි.

‘ එය සිදුකරන්නේ රජය මගින් පමණයි‘ වීරතුංග මහතා අවධාරණය කළේය.

එන්නත් ලබාදීමේ සැලසුම් ගැන වැඩි දුරටත කරුණු පැහැදිලි කළ ලලිත වීරතුංග මහතා මෙසේද සදහන් කළේය.

“පළමුවෙන්ම මෙය සෞඛ්‍ය සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව හමුදාවේ හා ආරක්ෂක සෞඛ්‍ය අංශයන්ට පිහිට වන ඉදිරි පෙළ සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව වයස අවුරුදු 60 ට වැඩි පිරිස්, ඔවුන්ගෙනුත් බෝ නොවන රෝග එනම් හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ඇති අයට ප්‍රමුඛත්වය ලබාදෙනවා,” යනුවෙන් ලලිත් වීරතුංග පැවසීය.

“අපි ඡන්ද හිමි නාමලේඛනය අනුව ග්‍රාම නිලධාරිවරයා හරහා සිදුකිරීමට බලාපොරොත්තුවනවා, අපිට දැනට සමහර අය කියා තියෙනවා ඒ අයගේ නම් ජන්දහිමි නාම ලේඛනයේ නැති බව අපි බලපොරොත්තු වෙනවා සියලුම පත්තරවල නිවේදනයක් දාලා ජනතාව දැනුවත් කරන්න.”

RSL

Related Posts