සේනා දළඹුවා ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ පිරිසක් එති

Spread the love

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත  පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.

මෙම රුවන්ඩා විද්‍යාඥයන් පිරිස සේනා දළඹුවන් වඩාත් පැතිර පවතින ප්‍රදේශ වෙත ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව සිටි බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

මෙම විද්‍යාඥයන් පිරිස පිළිබඳව පැවැත්වූ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවත්, ඒ අනුව මෙම පිරිස වහාම සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ කිරීම සදහා නිදහස් කර පිටත් කර හැරිය බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම රුවන්ඩා ජාතික විද්‍යාඥයන් පිරිස සිය පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමෙන් පසුව අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය

RSL

Related Posts