මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ

Spread the love

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (03) දින මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පුද්ගලයින් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණට ලක්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා ඍණාත්මක බවයි.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙරට අතර පළමු තරගය ජනවාරි 14 වැනිදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරගාවලියකට සහභාගී වෙමින් සිටිනවා.

RSL

Related Posts