පැණිය දුන්නේ කාලිමෑණියෝ කිව්ව ගමන් ඕමල්පේ හිමිගේ විශ්වාසේ බිදුණලු !

දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර නොකරන්නේ නම්  හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිනොගන්නේ නම් බදු මුදල් ගෙවමින් පවත්වා ගෙන යන දේශීය වෛද්‍ය විද්‍යාල හා දේශීය වෛද්‍ය ක්‍රමය උගන්වන විශ්ව විද්‍යාල වසා දමන්නැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඕමල්පේ සෝහිත නාහිමියෝ පැවසුවේ කොරෝනා වෛරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට ඇතැයි එය සොයාගත් පිරිස මාධ්‍ය ඔස්සේ කියනු දුටු වහා එම විශ්වාසය නැතිව ගිය බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝහිත හිමියෝ,

‘‘මම අපේ දේශීය හෙළ වෙදකම ගැන 100%ක් විශ්වාස කරනවා. ඒත් කාලි හෝ නොයෙක් දෙවි දේවතාවුන් නම් විශ්වාස කරන්නේ නෑ. එවැන්නන් සිටියා නම් මේ රට මෙ‍වන් බරපතල තත්ත්වයකට පත්වූයේ ඇයි ? කියන එක අපට ගැටලුක්. මම තවමත් කොත්තමල්ලි ඉඟුරු පැණිය විශ්වාස කරනවා‘

‘තමන් කැමති වෛද්‍ය ක්‍රමයක් යටතේ ප්‍රතිකාර ගැනීමට රෝගීන්ට අයිතියක් තිබෙනවා. ඒක මූලික මානව අයිතියක්. ඒකට එරෙහි වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‘

Loading...

RSL

Related Posts